ක්‍රීඩාව හා එය කලමනාකරණය වර්තමානයේදී මනා සංයෝගයකින් යුතුව ක්‍රියාත්මක වේ.ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩා කලමනාකරණය මගින් ජයග්‍රහණ ලබා ගැනීමේ මෙන්ම සමබර පෞරුෂත්වයකින් යුත් පුරවැසියන් බිහි කිරීමේ ඉලක්ක සපුරා ගනිමින් සිටී.ශ්‍රී ලංකාව තුල එම ඉලක්ක සපුරා ගැනීම සදහා පාසල් ක්‍රීඩා කලමනාකරුවන්ගේ කාර්‍ය භාර්‍ය ඉතා වැදගත් ස්ථානයක් ගනී.පාසල තුල ශාරීරික අධ්‍යාපනය විෂය යටතේ පවත්වනු ලබන ක්‍රීඩා සංවිධාන කටයුතු මනා ලෙස කලමනාකරණය කිරීමෙන් බොහෝ වාසි අත් වේ.
පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ පෞරුෂ වර්ධනය කිරීම සදහා නිවාසාන්තර ක්‍රීඩා තරග ඉතා වැදගත් වේ.
පාසලේ සියලු සිසුන් සහභාගී කරවාගෙන ඔවුන්ගේ දක්ෂතා හදුනා ගැනීමටත් ඒවා වර්ධනය කිරීමටත් නිවාසාන්තර ක්‍රීඩා තරග යොදා ගත හැකිය.ක්‍රීඩාවට සහභාගී වන සිසුන්ට පමනක් නොව පාසලේ අනෙකුත් සියලුම සිසුන්ට තමන්ගේ විවිධ කුසලතා එනම් ක්‍රීඩාව , නර්තනය, නිර්මාණශීලීත්වය, නායකත්වය , අන්තර් පුද්ගල සම්බන්ධතා, සංවිධාන හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙම නිවාසාන්තර ක්‍රීඩා තරග උපයෝගී කර ගත් හැකිය.
එලෙස සංවිධානය කරන ලද ධම්සුරු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පසු ගිය දා උත්කර්ෂවත් අන්දමින් නිමා විය.2025 පෙබරවාරි 14 දින ප්‍රථම නිවාස රැස්වීමත් සමග ආරම්භ වී 2025 මාර්තු 11 දින දක්වා මෙම කටයුත්ත ක්‍රියාත්මක වුනි…පාසල් අධ්‍යනය කටයුතු වලට බාධාවක් නොවන පරිදි ක්‍රීඩා තරග සදහා තෝරාගැනීම් තරග පැවැත්වීම් සිදු වුනි…සියලු සිසුන් හා ගුරුවරුන් නිවාස හතරකටවෙන් විය..ඒවා සූර්‍ය, මෞර්ය ,ශාක්‍ය හා චන්ද්‍ර නම් විය…අවසන් දින විට නිවාස 4ට අයත් නිවාස සැදීමද සිසුන්ගේ මැදිහත්වීමෙන් සිදු විය…
මාර්තු 11දින සවස් කාලයේ අතිශය උත්කරශවත් ලෙස අවසාන උත්සවය ආරම්භ වූයේ වයඹ පලාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතාගේ ප්‍රධානාත්වයෙනි.මේ අවස්තාව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ශකවරයා ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී විය…
තීව්‍ර තරගවැදීමකින් අනතුරුව චන්ද්‍රයන් කුසලානය තමා සතු කරගන්නට සමත් විය…











